ඉම්රාන් ඇතුළු ඇමැති මණ්ඩලයට රටින් පිටවීම තහනම් කරන ඉල්ලීම ඉවතට

652

පෙත්සම්කරුට රුපියල් 10,000ක දඩයක්

ඉම්රාන්ට පක‍ෂව ලක‍ෂ ගණනක් පාරට

හිටපු පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් සහ හිටපු ඇමැතිවරු රටින් පිටවීමේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් ඉස්ලාමාබාද් අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම නිෂ්ප්‍රභා කර ඇත.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මවුලවි ඉක්බාර් හයිඩර් නමැත්තෙකි. ඔහුට අධිකරණය පකිස්තාන් රුපියල් 10,000ක දඩයක් ද නියම කර ඇත. අධිකරණය පැවසුවේ ඉම්රාන් ඛාන් ජනතාව තෝරාගත් අගමැතිවරයකු බවයි. මේ අතර දසදහස් සංඛ්‍යාත ජනකායක් නගර 24 කදී හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පක්ෂව උද්ඝෝෂණයක නිරත වී ඇත. එහෙත් නව අගමැති ලෙස පත්වූ ෂෙබාස් ෂරීෆ්ට පක්ෂව ජනතාව ඉදිරිපත් වී නැත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment