ඉම්රාන් එනතුරු හිටපු විදේශ ඇමැති උද්ඝෝෂණ මෙහෙයවයි

194

ඉකුත් 02 වැනිදා ඉස්ලාමාබාද් නුවරදී පාදයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබූ පකිස්තානයේ හිටපු අගමැති සහ පකිස්ථාන තරීක් ඉන්සාෆ් පක්ෂ නායක ඉම්රාන් ඛාන් සුයව ලබා යළි එන තුරු ආණ්ඩුවට එරෙහිව එම පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණ සඳහා නායකත්වය දීමට හිටපු විදේශ ඇමැති ෂාහා මහමුද් කුරිෂි එකඟවී ඇත.

වෙඩි වැදීමෙන් පාදයේ අස්ථියක් බිඳීමට ලක්වූ ඉම්රාන් ඛාන්ට සැත්කමක් සිදුකර තිබේ. එම සැත්කමින් පසු වෛi උපදෙස් මත ඉකුත් 06 වැනිදා ඔහු රෝහලින් පිටව ලාහොර්හි පිහිටි සිය පෞද්ගලික නිවස වෙත ගොස් ඇත. මෙම වෙඩි තැබීම සම්බන්ධව ඉම්රාන් ඛාන් එරට අගමැති ෂෙබාස් ෂරීෆ් සහ අභ්‍යන්තර කටයුතු ඇමැති රනා සහාඋල්ලාට චෝදනා එල්ල කරයි. මේ වන විට ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට මාධ්‍ය වාරණයක්ද රජය විසින් පනවා ඇත. ඔහුගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීම එරට මාධ්‍ය වෙත තහනමක් පනවා ඇති අගමැතිවරයා එසේ ප්‍රචාරය කරන මාධ්‍යයට එරෙහිව දැඩි පියවර ගන්නා බවද පවසා තිබේ.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment