ඉම්රාන් ඛාන් නිදහස් මැතිවරණයක් ඉල්ලයි

99

පකිස්ථානයේ දේශපාලන පැවැත්ම යහපත් කිරීම සඳහා රට තුළ නීතිය ඉහළින්ම ක්‍රියාත්මක විය යුතු බව එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි. රටේ ආර්ථිකය මඩගොහොරුවක් බවට පත්ව ඇතැයි ද ඉන් රට ගොඩගත් හැක්කේ තම පකිස්ථාන ටෙහ්රීක් ඊ පක්ෂයට බවත් හෙතෙම සඳහන් කරයි. රට තුළ දුර්වල ආණ්ඩුවක් ඇතිකිරීමට දේශපාලන ඉංජිනේරුවන් සම්බන්ධ වූ බවද ඔහු චෝදනා එල්ල කරයි. මේ අතර එම පක්ෂ ඉල්ලා සිටින්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙසය. විනිවිද පෙනෙන ඡන්ද විමසීම් පැවැත්වීම සහතික කරන ලෙස පකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානී අසීම් මුතීර් ගෙන් ඉල්ලා සිටියි.හමුදාව සතු බලය කිසිදු ආයතනයකට නැතැයි ද සදහන් කරයි. පකිස්ථානයේ හිටපු හමුදා ප්‍රධානී කුමාර් ජාවෙඩ් බජ්වා රට අවුල් ජාලාවකට පත් කළ බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment