ඉම්රාන් බේරුණේ සාහසිකයාගේ ඉලක්කය වැරදීම නිසා

282

උණ්ඩ කොපු 11 ක් හමුවේ..
ආධාරකරුවකු මියගොස් පක්‍ෂයේ ප්‍රබලයන් 7 කට තුවාලයි…
වෙඩි තැබුවේ ආණ්ඩුව බව ඉම්රාන් කියයි…
විරෝධතා පෙළපාලියකින් පැමිණෙන අවස්ථාවේ එකවරම වෙඩි…

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දිවි ගැලවුනේ ඔහු ඇඳ සිටි වෙඩි නොවදින කබාය නිසාය.

එහෙත් ඔහුගේ ආධාරකරුවෙක් මියගොස් පක්‍ෂයේ ප්‍රබලයන් 7ක් තුවාල ලැබූහ.මට වෙඩි තැබුවේ ආණ්ඩුව බව ඉම්රාන් පැවසීය. මෙයට වසර කිහිපයකට පෙර හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝට ද විරෝධතා පාගමනක් මැද වෙඩි තබනු ලැබීය. මෙය ද ඊට සමාන ක්‍රියාවකි. ඉම්රාන්ට වෙඩි තැබීම ගැන ලොව පුරා විරෝධය මතුවී ඇත. පාකිස්තාන් ජියෝ රූපවාහිනිය පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනකු සම්බන්ධ බවයි. ජනතාව නොමග යැවීම නිසා ඉම්රාන්ට වෙඩි තැබූ බව එක් සැකකරුවකු පවසා ඇත. මේ පසුබිම මත පාකිස්තාන් අයි එස් අයි බුද්ධි සේවාව මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරේ. එතේ ඉම්රාන් පැවසුවේ ඍජුවම මෙය රජයේ වැඩක් බවයි. මෙම වෙඩි තැබීමේ සිද්ධිය පාකිස්තාන් දේශපාලනයේ බිහිසුණු ක්‍රියාවකි. හිටපු අගමැති අලිභූතෝ එල්ලා මරා දැමුනි. හිටපු ජනපති සියාඋල් හක් ගුවන් යානාවක සිදුවූ පිපිරීමකින් මරුමුවට පත්විය. නවාශ් ශරීප් දිවි ගලවා ගැනීමට පැන ගියේය. හිටපු නායක පර්වේස් මුෂාරෆ් ද රටින් පැන ගියේය. එක් පැත්තකින් අයිසිස් ක්‍රියාකාරීන්ය. අනික් පැත්තෙන් තලිබාන්වරුය. දැනට පවතින රජය ද අස්ථාවර තත්ත්වයක පවතී. මේ තත්ත්වය මත ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණි. යම් ලෙසකින් පාකිස්තානය සතු න්‍යෂ්ටික අවි සතුරු පාර්ශ්ව හෝ ඇෆ්ගන් තාලිබාන් ත්‍රස්තයන් අතට පත් වුවහොත් සිදුවන්නේ මහා විනාශයකි.

ඉම්රාන් බේරුණේ සාහසිකයාගේ ඉලක්කය වැරදීම නිසා

ඉස්ලාමාබාද් නුවර වෙත විරෝධතා පෙළපාලියකින් පැමිණෙන අවස්ථාවේ එකවරම මෙම වෙඩි තැබීම සිදුවිය. ඉම්රාන්ගේ පාර්ශ්වය පැවසුවේ මෙම සිදුවීමත් බලාපොරොත්තුව සිටි බවයි. මෙයට පෙර ද ඉම්රාන් ඝාතන තැතක් ගැන වාර්තා විය. පාකිස්තාන් පොලිසිය වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 11ක් සහ විශාල අවි සඳහා භාවිතා කරන උණ්ඩ කොපු කීපයක් සොයාගෙන ඇත. ඉන් තහවුරු වූයේ සාහසිකයන් වෙඩි තැබීම් රැසක් සිදුකර ඇති බවයි. මෙම වෙඩි තැබීම්වලදී ඉම්රාන්ගේ පාදයකට වැදී ඇත්තේ එක උණ්ඩයකි. එසේ නම් සාහසිකයන් පිට පිට වෙඩි තබා ඇති බව තහවුරුවේ. හිටපු පාකිස්තාන් අගමැතිනි බෙනාසීර් භූතෝට ද වෙඩි තුනක් තබා තිබිණි. ඇගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් වී තිබුණි. අද වනතුරු බෙනාසීර් භූතෝ ඝාතනයට අදාළ සත්‍ය තොරතුරු අනාවරණය වී නැත.

මේ පසුබිම මැද පාකිස්තාන් පොලිසිය ඉම්රාන් ඝාතන තැතට අදාළ සත්‍ය තොරතුරු ජනතාව හමුවේ එළිදක්වයිද….?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment