ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණා අතේ

763

නත්තලත්, අලූත් අවුරුද්දත් නිසා නගරවලට යම් තරමක සෙනඟක් එති යති. අතේ මිටේ මුදල් නැතත්, දරු පැටවුන්ට පොඩි දෙයක් හෝ අරගෙන දීමට කොයි දෙමාපියොත් උත්සාහ ගනිති.

 ඊයේ පෙරේදා දිනක වේයන්ගොඩ නගරයට තරුණ මවක ආවෙත් ඒ අරමුණිනි. එකම දරුවාට ඇඳුමකුත්, නිවසට අවශ්‍ය අඩුම කුඩුම කිහිපයක් මිලදී ගත් ඇය වේයන්ගොඩ බස් නැවතුමට ආසන්නයේ රැු`දී සිටියේ පාර මාරුවීමටය.

 තරුණ මවක වූ ඇය සුන්දරය. අතමිට නැතත් ලස්සනට ඇ`දුමක් පැළ`දුමක් ඇ`ගලා ගැනීමට ඇය උත්සාහ කළේ එදා සිටමය.

 පාර අසල ඇගේ දෙපැත්තෙන් සිටියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. තරමක් සෙනඟ වැඩිය. මේ අතර එක පාරටම කොහේදෝ සිට කඩා පැනපු තරුණයකු මේ කියන තරුණ මවගේ ගෙල බැඳි රන් දම්වැල කඩාගෙන පලා ගියේ ඇය බිම ඇද වැටෙන අතරය.

 රථ වාහන හසුරවමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාද සිද්ධිය ඇසින් දුටු සාක්‍ෂිකරුවන්ය.

 ‘‘නෝනා මොකද තුවාලද?’’ පොලිස් නිලධාරියෙක් ඇය ළඟට පැමිණ විමසීය.

 ‘‘නෑ අත පොඞ්ඩක් සීරිලා’’

 නෝනා දැන් කරන්න දෙයක් නෑ. හොරා පැනලා ගියා. ඔයා ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න. රත්තරන් මාල දාගෙන පාරෙ යන්න එපා. පොලිස් නිලධාරීන් දෙදෙනා අවවාදයක් කළේ ඇයගේ සිත සනසන්නටය.

 පැමිණිලි දාන්න අවශ්‍ය නෑ රාලහාමි. මට පාඩුවුණේ රුපියල් 250 යි. ඒක ඉමිටේෂන් ඇය කීවේ තුවාල වූ අත අල්ලා මුවගට සිනාවක්ද නගා ගනිමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment