ඉරාක ජනතාව පාර්ලිමේන්තුව වටලති

406

ඉරාකයේ ප්‍රබල පූජක මොක්ටාඩා අල්-සදර්ගේ ආධාරකරුවන් සිය ගණනක් අගමැති ධුරය සඳහා ප්‍රතිවාදී කණ්ඩායමක් නම් කිරීමට විරෝධය පළ කරමින් බැග්ඩෑඩ්හි අධි-ආරක්ෂිත හරිත කලාපයට ඊයේ කඩා වැදී පාර්ලිමේන්තුවේ නටමින් හා ගායනා කළහ.
දැඩි ලෙස බලකොටු කර ඇති හරිත කලාපයේ ගේට්ටු කැඩීමෙන් විරෝධතාකරුවන් වැළැක්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ නමුත් සෙනඟ ඉදිරියට පැමිණ පාර්ලිමේන්තුවට ඇතුළු වූහ.
සදර්ගේ කණ්ඩායම ඔක්තෝම්බර් මාසයේදී විශාලතම පාර්ලිමේන්තු කන්ඩායම ලෙස මැතිවරණයෙන් මතුවිය.

ජාතික කොඩි ලෙළවමින් ඡායාරූප ගනිමින් ඝෝෂා කරමින්ල ඔල්වරසන් දෙමින් ජනතාව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා එක් රොක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment