ඉරානය ළමා මනාලියක ඇතුළු කාන්තාවන් තිදෙනකු එල්ලා මරයි

1184

සිය සැමියන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ළමා මනාලියක් ඇතුළු කාන්තාවන් තිදෙනකු ඉකුත් බදාදා (27දා) දිනයේ ඉරාන බලධාරීන් විසින් එල්ලා මරා දමා තිබේ. ඉරාන මානව හිමිකම් සංවිධානයට අනුව ඉකුත් සතියක කාලය තුළදී ඉරානයේ මරණ දඬුවම ලබා දුන් සංඛ්‍යාව 32ක් වන අතර මරණ දඬුවමට නියම කෙරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

මෙසේ මරණ දඬුවමට ලක් වන ඉරාන කාන්තාවන් වැඩි දෙනෙකු සිය සැමියන් මරා දමා ඇත්තේ ගෘහස්ථ හිංසනයන්ට ලක් වීම නිසා වුවද ඉරානයේ ක්‍රියාත්මක උසාවි එම කාන්තාවන් මුහුණ පෑ තත්ත්වයන් සැලකිල්ලට නොගෙන ඔවුනට මරණ දඬුවම ලබා දී ඇති බව ඉරාන මානව හිමිකම් සංවිධානය පවසයි. ඉරානයේ මරණ දඬුවම නියම කෙරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව සෙසු රටවලට වඩා වැඩි බවද අනාවරණය වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment