ඉරාන කාන්තාවගේ මරණයට එරෙහි විරෝධතා දැක්වූවන් 41 ක් මරුට – විරෝධය ලන්ඩන් නුවරට ද පැතිරෙයි

505

ඉරානයේ මාෂා අමිනි නැමැති තුර්දි කාන්තාවගේ මරණය පිළිබඳව ඉරානයේ ඇතිවූ විරෝධතා නිසා 41ක් මරුමුවට පත්වී ඇත.

 ඉරාන ජනපති පැවසුවේ විරෝධතාකරුවන් මර්දනය කරන බවයි. මෙම විරෝධතා ලන්ඩන් නුවර දක්වා පැතිරී ඇත. ලන්ඩන් නුවර විශාල පිරිසක් ඉරාන තානාපති කාර්යාලය සහ ඉස්ලාමීය මධ්‍යස්ථානය ඉදිරියේ විරෝධතා දැක්වූ අතර පොලිස් භටයන් පස්දෙනෙක් ද තුවාල ලබා තිබේ.

 මාෂා අමිනි මියගියේ ස්වභාවික හේතූන් මත බව ඉරානය පැවසුවත් කුර්දු සංවිධාන සඳහන් කළේ ඇය වධහිංසාවලට ලක්වී ඇති බවයි.

 ඇය නිසි අයුරින් ඉස්ලාමීය ඇදුම් පැළඳ නොසිටි බවට චෝදනා එල්ල වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment