ඉරුපාලෙයි ළමා නිවාසයේ දැරියන් හයකට අතවර කර පලාගිය පාස්ටර් අත්අඩංගුවට

167

යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ළමා නිවාසයකදී දැරියන් හය දෙනෙකු දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති අසූ වියැති පාස්ටර්වරයෙකු යාපනයෙන් පලාගොස්

කොළඹ සැඟවී සිටියදී පොලිසිය විසින් පෙරේදා (11 දා) අත් අඩංගුවට ගෙන තිබේ.

එම ළමා නිවාසයේ දරු දැරියන් 16 දෙනකු සිටි අතර ඔවුන්ගෙන් දැරියන් හය දෙනෙකු දූෂණය කොට ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වීමෙන් පසුව පොලිසිය එම පාස්ටර්වරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු පළාතෙන් පලා ගොස් තිබුණි. කෝපායි පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ට ලැබුණු තොරතුරක් මත ඔහු කොළඹදී අත් අඩංගුවට ගෙන තිබේ. කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment