ඉලන්තඩියට පාවූ ලක්විජය ගල් අගුරු බත්තලෙන් ඩීසල් කාන්දුවේදැයි ධීවරයෝ බියෙන්

267

නොරොච්චෝලේ ලක්විජය ගල් අ`ගුරු බලාගාරය වෙත ගල් අ`ගුරු ප‍්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය සමාගමකට අයත් බත්තලක් 27 අලූයම සැඩ සුළඟට හසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්නයට ගොඩ ගසා තිබේ.

එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා නාවුක හමුදාව හා ඉලන්තඩිය ධීවරයන් මුදා ගෙන ඇත. මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළ වී අනතුරට පත්වීම ගොඩට ගසා ගෙන ගොස් තිබේ.

ප‍්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල්අඟු‍රු ප‍්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව තිබේ. මෙම බත්තලේ ගල් අ`ගුරු ටොන් 700 වැඩි ප‍්‍රමාණයක් ඇති බවත් දැන් මෙහි ජලයද පිරී ඇති බවත් මෙයින් ඞීසල් පිටවීමක් සිදු විය හැකි බවද ප‍්‍රදේශයේ ධීවරයින් ස`දහන් කරයි.

පුත්තලම / නලින් හෙන්දුරුගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment