ඉලවාලෙයි ප්‍රදේශයේ සුරුවමක් කඩා බිඳ දමලා

63

යාපනයේ ඉලවාලෙයි ප්‍රදේශයේ පිහිටුවා තිබූ කිතුණු සුරුවමට පහර දී එම ගොඩනැගිල්ලට හා ප්‍රතිමාවලට 4 දා රාත්‍රී අලාභ හානි සිදු කොට ඇත.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් යාපනයේ ඉලවාලී පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත.

සුරුවමට පහර දී එය විනාශ කිරීමට කිසිදු හේතුවක් නොමැති බව පවසන ඉලවාලී කිතුණු දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මීට සම්බන්ධ බවට සැකකරන බව පොලීසියට පවසා තිබේ.

කිතුණු ප්‍රතිමා කඩා බිඳ දමා ඒවා තැන් තැන් වලට වීසි කොට දමා ඇති බව සඳහන් කරණ ප්‍රධාන පූජකවරයා මෙම සුරුවම ප්‍රදේශවාසීන් විසින් සෑම ස්ථානයකින්ම අවසර ලබාගෙන ඉදි කරන ලද්දක් බවද ප්‍රකාශ කරයි.

ඉලවාලී පොලීසිය සිද්ධීය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment