ඉල්ලන ඉල්ලන විදියට පඩි වැඩි කරන්න මේ වෙලාවේ සල්ලි නෑ

447

ඉල්ලන ඉල්ලන විදිහට පඩි වැඩිවීම් කරන්නත් මුදල් ලබා දෙන්නත් මේ මොහොතේ කොහෙත්ම හැකියාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (25 වැනිදා) කියා සිටියේය.

විවිධ රාජ්‍ය ආයතනවල සේවකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් වැටුප් වැඩි කිරීම් කරන ලෙස රජයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කළ විමසීමකදී අගමැතිවරයා මේ බව කියා සිටියේය. කොරෝනා වසංගත තත්ත්වය මැද ශී‍්‍ර ලංකාව පමණක් නොව විවිධ රටවල් පවා අද මුහුණදී තිබෙන ආකාරය අනුව මේ මොහොතේ මුදල් ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීම සාධාරණයක් නැතැයි ද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් කොරෝනා වසංගතයෙන් ගැලවී රට නිසි තත්ත්වයට පත් වුවහොත් කාගෙ කාගේත් ආර්ථික ප‍්‍රශ්නවලට සහනයන් සැලසීම ආණ්ඩුවේ වගකීම යැයි ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මේ අනුව රටේ පැතිරී තිබෙන කොරෝනා වසංගතය මැ`ඩපවත්වා ගැනීමට කාගේත් සහාය ලබාදීම මේ මොහොතේ ඉතා වැදගත් යැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment