ඉල්ලා අස්වේ යැයි බිය නොවන්නැයි අගමැති කියයි

356


තමා මේ මොහොතේ ඉල්ලා අස්වීමට සූදානම් නැතැයි ද ඒ ගැන බියක් ඇතිකරගත යුතු නැතැයිද අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයේදී පැවැති හිටපු පළාත් සභා මන්ත්‍රී සංසදයේ නියෝජිත හමුවේ දී පවසා ඇත.අගමැතිවරයා ඉල්ලා අස්නොවිය යුතු බවට එම සංසදය යෝජනාවක් සම්මතකරගත් අවස්ථාවේදී මෙසේ පවසා තිබේ. රට තුළ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වූ පෝලිම් වලට විසඳුම් දිය යුතු බවත් එම භාණ්ඩ හිගයකින් තොරව මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගතයුතු බවත් මෙහිදී අගමැතිවරයා පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment