ඉල්ලීම් අටක් ඉල්ලා එළවළු ගොවීයෝ නුවරඑළියේ උද්ඝෝෂණයක

59

* විසඳුමක් නුදුන්ණොත්  එළවළු  තොග දීම නවත්වනවා

* නගර වසා කළු කොඩි එසැවෙයි


නුවරඑළිය ප‍්‍රදේශයේ ගොවි සංවිධාන රැුසක් මහා සංඝරත්නයද එක්ව කළු කොඩි අතැතිව මහ කන්නය සඳහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊයේ (21 දා) නුවරඑළිය නගරයේ උද්ඝෝෂණයක නිරත විය.

නුවරඑළිය, කඳපොල, මීපිලිමාන, නානුඔය යන ප‍්‍රදේශවල නගරද වසා දමමින් එම ප‍්‍රදේශවල එළවළු ගොවීහු, වෙළෙඳුන් සහ ගොවිපොළවල්වල සේවය කරන කම්කරුවන් එක්ව මෙම උද්ඝෝෂණය සිදු කළේය.

නුවරඑළිය ගාමිණී ජාතික පාසල ඉදිරිපිටින් ගොවි උද්ඝෝෂණය ආරම්භ කර ප‍්‍රධාන මාර්ගය දිගේ පෙළපාළියකින් පැමිණ ගොවීන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය.

මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලට කඩිනමින් ලබාදීම, වගාවට අවශ්‍ය පළිබෝධ නාශක, දියර පොහොර, බීජ ඇට, දිලීර නාශක වර්ග හිඟයකින් තොරව සාධාරණ මිලට ලබාදීම, ගොවි උපකරණ සාධාරණ මිලට ලබාදීම ඇතුළු ඉල්ලීම් අටක් මුල්කර ගනිමින් නුවරඑළිය ප‍්‍රදේශයේ ගොවි සංවිධාන සමාජිකයෝ ඇතුළු පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ. සතියක් ඇතුළත විසඳුමක් නොලදහොත් දැනට තම ගොවිපොළවල්වල වගා කර ඇති නිසරු එළවළු වගාව වෙළෙඳපොළට නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටු වන බවට නුවරඑළිය ප‍්‍රදේශයේ ගොවීහු තමන් වෙත දැනුම් දී ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment