ඉල්ලීම් කීපයකට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති 40ක් හෙට පාරට – වර්ජනයක් ගැන GMOA තීරණය අද

150

අහිතකර බදු ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට (01 දා) ජාතික විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති 40 කින් සමන්විත ජාතික සංවිධාන එකමුතුව කටයුතු කරයි.

මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට යමින් සහාය දක්වනවා ද යන්න සංගමයේ මධ්‍යම කාරක සභාව අද (28 දා) සාකච්ඡා කර තීරණය කරන බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ඊයේ (27 දා) පැවසීය.

වැඩ වර්ජනයකින් මහජනතාව ද පීඩාවට පත් වන බවත් ජනතාව පීඩාවට පත්ව සිටින මේ අවස්ථාවේ ඔවුන් තවදුරටත් පීඩාවට පත් කරනවා ද යන්න සිතා බැලීමට සිදුවන අතර අවසන් තීරණය අද ගන්නා බව ද ඒ මහතා කීය.

අහිතකර බදු ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 40 කට වැඩි ප්‍රමාණයක සාමාජිකයන් විරෝධතාවට එක්වන බව ද අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

හෙට පැවැත්වෙන විරෝධතාව සඳහා ගුරු විදුහල්පති සංවිධානය ලෙස කළු පටි බැඳ සේවයට වාර්තා කර කළු විරෝධතාවක් දක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment