ඉල්ලීම් 3 කට විසඳුම් ඉල්ලා රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය සංගම් හෙට ලෙඩින්

99

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සංගම් විසින් හෙට (08දා) එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

එසේම එදිනම උදේ 10.00 ට කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ඒ සඳහා රජයේ සේවාවන් 18 කට අයත් වෘත්තීය සංගම් සහභාගිවීමට නියමිතය.

වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රජයේ දෙපාර්තමේන්තු ගත සේවාවල විධායක නිලධාරීන්ට බලපා ඇති උසස්වීම් ගැටලුව විසඳන ලෙස රජයට බලකිරීම, රජයේ මාණ්ඩලික සේවාවල නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනෙන් පසුව ගෙවීමට ගත් කැබිනට් තීරණය ඉවත් කිරීම සහ උපයන විට බදු විධිවිධාන හේතුවෙන් සේවා නියුක්තිකයන්ට සිදුව ඇති අසාධාරණය ඉවත්කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන ඉල්ලුම් තුන මුල්කර ගනිමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment