ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ හෙට විරෝධතාවේ

135

සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා හෙට (22 දා) දහවල් 12.00 ට දිවයිනේ සියලූ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෝ ‘දිවයින’ට පැවසූහ.

මෙම ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ ද මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද උන්වහන්සේ කීහ.

නතර කරන ලද රුපියල් 7500 ක කොවිඞ් අවදානම් දීමනාව ලබාදීම, අග‍්‍රහාර රක්‍ෂණය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව විසඳීම, රෝහල් තුළ පවතින සේවක හිඟයට විසඳුමක් ලෙස නවක බඳවා ගැනීම් කඩිනම් කිරීම, දින 180 සම්පූර්ණ කළ සේවකයන් ස්ථිර කිරීම, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවය කරන දින 6 ට අමතරව තව අමතර දිනයක් සේවය කළහොත් ඒ සඳහා අමතර දීමනාවක් ගෙවීම යන ඉල්ලීම් මුල්කරගෙන මෙම උද්ඝෝෂණය සිදුකරන බවද උන්වහන්සේ කීහ.

මෙම උද්ඝෝෂණවලදී ඊට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරියේදී මීට වඩා දැවැන්ත වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට එළැඹෙන බවද උන්වහන්සේ පැවසූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment