ඉල් පුර පෝය දා යාපනයේ කෙසෙල් කොට මිල ඉහළ යයි

698

යාපනය නගරයේ පදික වේදිකාවේ ඊයේ කෙසෙල් කොටයක් රුපියල් 100 බැගින් අලෙවි විය.
හින්දු බැතිමතුන් විසින් සමරණ ලද ..කාර්තිහෙයි තීපම් විලා.. උත්සවය සදහා පහන් තැබීමට මෙම කෙසෙල් කොට මිලට ගැනීමට යාපනයේ නාගරික වැසියෝ විශාල පිරිසක් පෙළඹීම නිසා මෙසේ මිල ඉහළ ගොස් තිබුණි.
හින්දු බැතුමත්හු සෑම වසරකම ඉල් පුර පසළොස්වක පොහොය දිනයේදී රාත්‍රියේ පහන් දල්වා කාර්තිහෙයි තීපම් විලා නොවැම්බරයේ පහන් දැල්වීම සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment