ඉලුප්පල්ලම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත පළමු කාබනික පොහොර තොගය ගොවීන් වෙත බෙදාදෙයි

105

ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ මධ්‍යස්ථාන 35 කදී ආරම්භ කරන ලදි.

මේ වන විට එම මධ්‍යස්ථානවල කාබනික පොහොර නිෂ්පාදනය ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරේ. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරුමැද පළාත තුළ ආරම්භ කරන ලද කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියේ මහඉලූප්පල්ලම මධ්‍යස්ථානයේ නිෂ්පාදිත පළමු කාබනික පොහොර තොගය ගොවීන් වෙත බෙදාහැරීම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් සිදු විය. පොහොර ලේකම් කාර්යාලයේ අනුරාධපුර දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ බන්දුල මහතාට නිල වශයෙන් කාබනික පොහොර ලබා දුන්නේය. මෙම අවස්ථාවට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment