ඉවතලන ප්ලාස්ටික් විකුණා මිලියනයක් තෑගි දුන් කයිලි කෘස්

736

මීගමුව දූව කණිටු විදුහලට සුහුරු පන්ති කාමරයක් සකස්කර දීමට ඇමරිකාවේ කැලිපෝර්නියා ජනපදයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් ඉදිරි පත්ව ඇත.

ශ‍්‍රී ලංකික සම්භවයක් ඇති කයිලි කෘස් නමැති මෙම පාසැල් සිසුවිය රුපියල් මිලියනයක මුදලක් සුහුරු පන්ති කාමරය ඉදිකිරීම සඳහා පරිත්‍යාග කර ඇත.

ඉවතලන ප්ලාස්ටික් විකුණා  මිලියනයක් තෑගි දුන් කයිලි කෘස්

මෙම සිසුවිය විවේක අවස්ථාවලදී නිවෙස්වලට ගොස් එකතුකර ගන්නා ලද ඉවත දමන ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීය මධ්‍යස්ථානවලට අලෙවිකර මෙම මුදල් එක්රැස් කරගෙන ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ රුචිත කුරේරා මහතා විසින් අදාළ මුදල විදුහල්පතිනි පී. එස්. හරිස්චන්ද්‍ර මහත්මිය වෙත නිල වශයෙන් භාරදීම පෙරේදා (10 දා) දින සිදුවිය. ඉතාමත් අඩු පහසුකම් යටතේ පවත්වාගෙනයන මෙම පාසලේ පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වේ.

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment