ඉෂන් කිෂන් ලොව වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරයි

523

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඉෂන් කිෂන් පෙරේදා (10 වැනිදා) සමත්විය.

බංග්ලාදේශයට එරෙහිව පන්දු 126 කින් ලකුණු 200 සීමාවට අවතීර්ණ වෙමින් ඉන්දීය ආරම්භක පිතිකරුවා එම වාර්තාව බිහි කළ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 138කින් ද්විත්ව ශතකයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් වේ.

ඉෂන් කිෂන් මෙම තරගයේදී පන්දු 131කින් ලකුණු 210ක් ලබාගත් අතර ඊට හයේ පහර 10ක් සහ හතරේ පහර 24ක් ඇතුළත් විය. ඔහුගේ මෙම ඉනිම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ලකුණු 409ක් ලබාගත් අතර ඔවුන්ට ලකුණු 227 ක ජයග්‍රහණයක් හිමි විය.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් ලබාගත් හතරවෙනි පිතිකරුවා බවට ඉෂන් කිෂන් පත් වූ අතර රෝහිත් ශර්මා, සචින් ටෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ශෙවාග් ඊට පෙර එම දස්කම පෙන්වා ඇත. මාටින් ගප්ටිල්, ෆකාර් සමන් සහ ක්‍රිස් ගේල් එක්දින ද්විත්ව ශතක ලාභී අනෙක් පිතිකරුවෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment