ඉෂ්කා මුතුවන්ති ආසියානු කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලබයි

190

කැලණිය, දළුගම, සාන්ත ප‍්‍රැන්සිස් මහා විදුහලේ ඉෂ්කා මුතුවන්ති, චීනයේ හැන්ජෝහිදී මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආසියානු කී‍්‍රඩා උළෙල සඳහා කරාතේ කුමිතේ කිලෝ ග‍්‍රෑම් 50 බර පන්තිය වෙනුවෙන් ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබුවාය.

ශී‍්‍ර ලංකාව නියෝජනය කිරීම සඳහා කරාතේ කුමිතේ බර පන්ති දහයකට සුදුසුකම් ලැබීමේ තරගාවලිය පසුගියදා පැවැති අතර එහිදී සුදුසුකම් ලැබූ ඇය මෙයට පෙර මෙම ඉසව්වෙන් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඇය දැනට පෙන්නුම් කරන දක්‍ෂතා අනුව මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේදී පදක්කමක් දිනා මව් රටට සහ විදුහල් මාතාවට කීර්තියක් අත්කර දෙනු ඇතැයි විදුහල්පති කුවින්ටස් පෝල්, පුහුණුකරු වසන්ත සෙනවිරත්න, කී‍්‍රඩා උපදේශිකා කුමුදු පි‍්‍රයංකා යන මහත්ම මහත්මීන් විශ්වාසය පළ කරති.

හැඳල – පී. ජේ. ස්ටැනිස්ලස්

advertistmentadvertistment
advertistmentadvertistment