ඉෂාලිනිගේ සිරුර අද ගොඩගනී

964

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගේ බොරැුල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිළීමෙන් ජීවිතක්ෂයට පත් ඉෂාලිනි ජූඞ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අද (30* දින ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැුගෙන යන ලෙස නුවරඑළිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය ඊයේ (29 දා* පොලිසියට නියෝග කළාය.
 
 මියගිය දැරියගේ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා නුවරඑළිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29 දා* කරුණු වාර්තා කරමින් කියා සිටියේ මියගිය දැරියගේ සිරුර නුවරඑළිය අධිකරණ බල ප‍්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිට පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති නිසා සිරුර යළිත් ගොඩගැනීම නුවරඑළිය මහෙස්ත‍්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවයි.
 
 ishaliniරජයේ අධිනීතිඥවරයාගේ කරුණු සලකා බැලූ නුවරඑළිය දිසා අධිකරණයේ මහෙස්ත‍්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය නියෝග කරනු ලැබුවේ වසම භාර ග‍්‍රාමසේවා නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දී මිය ගිය දැරියගේ සිරුර අද (30* දින උදෑසන 8.30 ට ගොඩගෙන දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසයි.
 
 නුවරඑළිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රජයේ අධිනීතිඥවරයා කරුණු වාර්තා කරන අවස්ථාවට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර, කොළඹ දකුණ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඉනෝකා මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
 මිය ගිය දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
 
 
 – නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment