ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්

297

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත. ජීවිතක්ෂයට පත් ජේ. ඉෂාලිනි දැරියගේ මෘත දේහය යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයක් සමග ජේ. ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත. මෘත දේහය ගොඩගැනීමේ කටයුතු ඊයේ (27* සිදු කිරීමට නියමිත වූ අතර, ඩයගම ප‍්‍රදේශයේම පදිංචි තරුණියන් කිහිප දෙනෙකු රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරැුව්කරුවන් විසින් පැවසූ අතර කොළඹ කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශය පොලිස් නිලධාරින් පිරිසක් (27* දින ඩයගම ප‍්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සිදු කලේය.

ishalini mihidan


  ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment