ඉෂාලිනීගේ කාමරයේ අභිරහස් වැකිය මොකක්ද? සී.සී.ටී.වී. දෙකක් අකී‍්‍රය වුනේ කොහොමද…? රිෂාඞ්ගේ වධකාගාරයේ කතාව තව දුරටත්….

759

ගිනි තබා ගැනීමත් අභිරහසක්

රිෂාඞ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ පිලිස්සී මිය ගිය ඉෂාලිනී දැන් පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ මෝචරියේ ලාච්චුවක් තුළ තනිව සිටින්නීය. ඇයව තලා පෙලා දූෂණය කළ තිරිසනා ඇතුළු තවත් බොහෝ දේ පිළිබ`ද සිදුවන විමර්ශණ පරීක්‍ෂණ හමුවේ ඇයට මෙසේ සිටින්නට සිදුව ඇත.

ඩයගම වත්තේ සුසාන භූමියේ නිසලව සැතපී සිටි ඇය මෙසේ නැවතත් අප අතරට පැමිණ පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරය තුළ තනිවී අදට සතියකුත් දෙදිනක කාලයක් ගෙවී ගොස් අවසන්ය.

එහෙත් දුප්පත් ඉෂාලිනීව දූෂණය කර හපයක් බවට පත් කළ තිරිසනා මොකාදැයි තවමත් හෙළිවී නැත. එය අදටත් අභිරහසක් බවට පත්ව තිබෙන්නකි.

එසේම ඇයගේ මරණයට හේතු වූ සිරුරට ගිනි ඇවිළුනේ කෙසේද ඇය ගිනි තබා ගත්තාද? නැතහොත් කිසිවකු විසින් හෝ යමක් ලෝකයෙන් වසන් කිරීමට බදියුදීන්ගේ නිවසේදී ඇයගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තැබුවේද යන ප‍්‍රශ්නවලට ද මෙතෙක් කිසිදු විස`දුමක් ලැබී නැත.

මේ ගැටලූවලට විසදුම් සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා විමර්ශන සිදු කිරීමට ද ඉකුත් දිනවල පොලිසිය කටයුතු කරනු ලැබීය. මේ එක් කණ්ඩායමක් භාරව සිටියේ මෙරට ළමා හා කාන්තා අපරාධයන් විසදීමේලා බොහෝ දස්කම් දක්වා ඇති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තය.

ඉෂාලිනීගේ සිදුවීම පිළිබද විශේෂයෙන් ඇය කැදවා විමර්ශන භාර කරන්නට ද පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා කි‍්‍රයා කළේය. අසරණ ඉෂාලිනීගේ මරණය හමුවේ බොරැල්ල පොලිසිය බබා නළවද්දී හතර අතින් පොලිසියට එල්ල වූ චෝදනා යම්තාක් දුරට යටපත් කරන්නට පොලිස්පතිවරයාගේ එම කි‍්‍රයාව හේතු වූ බව අපට ද පැහැදිලිව පෙනී ගිය දෙයක් විය.

එහෙත් ඉන් එහා යමක් සිදුව තිබේද? අප පොලිසියෙන් ඒ විමසීම කරන්නේ දැනගන්නට කිසිවක්ම නැති නිසාය. මේ නොදැනුවත්කම සමඟ අපට කල්පනා වන්නෙ වරුණි බෝගහවත්තටත් දැන් වැඩ බැරිද කියාය.

ඉෂාලිනීගේ කාමරයේ අභිරහස් වැකිය මොකක්ද? සී.සී.ටී.වී. දෙකක් අකී‍්‍රය වුනේ කොහොමද...? රිෂාඞ්ගේ වධකාගාරයේ කතාව තව දුරටත්....

ඇය සිදු කළ විමර්ශනවලදී රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ සිටියදී බදයුදීන්ගේ මස්සිනා කෙනකු අතින් දූෂණයට ලක්වූ තවත් තරුණියන් දෙදෙනකු හ`දුනා ගන්නට වරුණි බෝගහවත්ත සමත් වූවාය.

ඉන් එක් තරුණියක් ඩයගම වත්තේම පදිංචිව සිටින්නියක් වූ අතර අනෙක් තරුණිය මේ වන විට කැලණිය ප‍්‍රදේශයේ නිවසක සේවයේ යෙදෙන බවද පොලිසිය ස`දහන් කළේය.

එහෙත් එකී තරුණියන් දෙදෙනා බදියුදීන්ගේ මස්සිනා කෙනකු අතින් දූෂණය වී ඇතැයි යන කුණු රස දැනෙන කතාව රට ඉදිරියට ගෙන ආවා මිස පොලිසිය එහිදීත් සිදු කළ අන් යමක් තිබේද?

එම තරුණියන් දෙදෙනා දූෂණය කළේ යැයි කියන බදියුදීන්ගේ මස්සිනා මොකාද? ඌ දැනට පොලිස් අත්අඩංගුවට ගෙන සිටින එකාද? එසේ නැතහොත් තරුණියක දූෂණය කර හිරේ ගොස් පැමිණ දැනට සැඟවී සිටින එකාද?

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියන පරිදි ඉෂාලිනීගේ මරණය සම්බන්ධයෙන් විiාත්මක සහ පරිවේෂණීය සාක්‍ෂි එක් රැස් කිරීමට අද පොළොවේ පස් කන පොලිසිය බදියුදීන්ගේ මස්සිනා කෙනකු වූ ඒ තිරිසනා මොකාදැයි රටට හෙළි නොකරන්නේ කුමක් නිසාද?

සමහරු කියන පරිදි මොකක් හරි දේශපාලන ඞීල් එකක් නිසා පොලිසියට මුඛවාඩම් දමා තිබීම එසේ වීමට හේතු වී තිබේද? දකින්නට ඇති පරිදි පොලිසියේ මේ කි‍්‍රයාකාරිත්වය සාමාන්‍යයෙන් අසාමාන්‍යය. අපට ගැටලූ මතුවන්නේ ඒ නිසාය.

බදියුදීන්ගේ ගෙදර මෙහෙකාර සේවයට පැමිණි පුංචි ඉෂාලිනීට වැරදිලාවත් මෙවන් ඉරණමක් අත් වන්නේ මේ රටේ සාමාන්‍ය මිනිසකුගේ නිවසේ වැඩකරමින් සිටියදී වූයේ නම් පොලිසිය කටයුතු කරන්නේ මෙසේමද?

නැත. එසේ වූයේ නම් එම නිවසේ ගෘහ මූලිකයා පළමුව පොලිසියේ බාල්කයක එල්ලී පසුව පොලිස් කූඩුවට යන්නේ වැසිකිළියට ගොස් ඉ`ද ගැනීමටවත් නොහැකි තරමට හතර හන්දි ගැලවී ශෝචනීය තත්ත්වයකට පත්වය.

වැඬේ එතැනින් නතර වන්නේද නැත. ඒ නිවසේ අතට පයට හසු වන තරුණ පුතකු එහෙම සිටියේ නම් උගේ ඉරණම ද බොහෝවිට එසේම වන්නේය.

ඉෂාලිනී මියගියේ එවන් තැනක සිටියදී නම් මේ වන විට ඇය මිය ගිය ආකාරය මෙන්ම ඊට හේතුව සහ ඇයව දූෂණය කළ එකාද ක්‍ෂණිකව සොයා ගන්නා අපේ පොලිසිය මෙලහකටත් කවුරු හරි එකෙක් අණබෙර ගසා අධිකරණය ඉදිරියට ද ගෙන ගොස් අවසන්ය.

ඇතැම් විට එසේ අධිකරණයට ගෙන ගිය එකා සැබෑ අපරාධකාරය ද විය නොහැකිය. එවන් කතා මේ රටේ ඉතිහාසයේ ඕනෑ තරම් ලියැවී ඇත. කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය අතවරයට ලක් කර මරා දැමුණු අවස්ථාවේ අපේ පොලිසිය එසේ පිස්සු කෙළියේ නැතිද?

මේ විවේචනය වගේම කිවයුතු දෙයක්ද ඇත. මෙවන් අභිරහස් සිදුවීම්වලදී නිවැරදි ඉලක්කයට යමින් සෘජු විමර්ශන සිදු කර බොහෝ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට අපේ පොලිසිය ඉතාම දක්ෂ ලෙස කටයුතු කළ අවස්ථා ද මේ රටේ ඕනෑ තරම් ඇත.

මේ මොහොතේ ශී‍්‍ර ලංකා පොලිසියේ එකී දක්ෂතා අගයන්නට ද අප කිසිවිටෙකත් මැලි වන්නේ නැත. එහෙත් අපට ගැටලූව වී තිබෙන්නේ රීෂාඞ් බදියුදීන්ගේ නිවසේ සේවයට පැමිණ සිරුර ගිනි ජාලාවකින් පිලිස්සී අපා දුක් වි`ද ජීවිතයට සමුදුන් ඉෂාලිනී ජූඞ් දැරිය ගැන පොලිසිය සිදු කරන විමර්ශනවලදී පොලිසියේ ඒ දක්ෂ බවට කුමක් සිදුවී තිබේදැයි යන්නය.

සියල්ල සිදු වෙමින් තිබෙන්නේ ඇල් මැරුණු ආකාරයට නොවේද? ඇල් මැරීම පමණක් නොව ඇතැම් දේවල් ‘තණමල්විල මල් සිස්ටම්’ එකට සිදුවන බවද පෙනෙන්නට ඇත.

රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ වූ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමට පියවර ගැනීම එයට ඇති හො`ද උදාහරණයකි. ඉෂාලිනී සිරුරට ගිනි ඇවිලී දරුණු පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කෙරෙන්නේ ඉකුත් ජුලි මස 03 වැනිදාය.

රෝහල්ගත කළ ඇය මරුවා සමඟ දරුණු සටනක් කර පරාජය වී මෙලොව හැර ගියේ ඉන් දින දොළහකට පසුවය. ඒ ඉකුත් 15 වැනිදාය. ඇගේ මරණය සිදුවන තුරුම බොරැල්ල පොලිසිය බදියුදීන්ගේ නිවසේ සීසීටීවී දර්ශන පරීක්‍ෂාවක් සිදු කර නොමැති බව ඒ මොහොතේ අපි රටට හෙළි කළෙමු.

එහෙත් ඉෂාලිනීගේ මරණය සහ ඇය දූෂණය වීම පිළිබද විමර්ශන කරන පොලිසිය බදියුදීන්ගේ නිවසේ සීසීටීවී කැමරා පිළිබද පරීක්‍ෂණයක් සිදු කරනු ලැබුවේ ඇය මියගොස් දින පහළවකුත් ගෙවී යෑමෙන් පසුවය.

එසේ සීසීටීවී පරීක්‍ෂාවක් සිදු කළ පොලිසිය කීවේ කුමක්ද? බදියුදීන්ගේ නිවස තුළ වූ සීසීටීවී කැමරා 16 ක්රින් දෙකක් අකී‍්‍රය බවය.

එසේම ඉෂාලිනී ගිනි තබාගත් බවක් අනෙක් කැමරා දර්ශන අනුව අනාවරණය නොවන බවද කියන පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ගිනි ඇවිළුණු ඉෂාලිනී දිවගොස් ජල තටාකයකට පැන ඇති බවත් අසල්වැසියන් ගින්න නිවා දමා ඇති බවත්ය එසේම නිවසට ඇතුළු වන ස්ථානයේ ඇති කැමරාවේ ඉෂාලිනී පිළිබ`ද දර්ශන නොමැති බවද සඳහන් කෙරිණි.

එසේ නම් බදියුදීන්ගේ නිවසේ තිබූ සීසීටීවී කැමරා දෙකක් අකී‍්‍රය වූයේ ඇයි? එයට හේතුව කුමක්ද? සැබෑවටම සිදුව ඇත්තේ ඒවා අකී‍්‍රය කිරීමක් ද නැතහොත් දත්ත මකා දැමීමක්ද? ඉෂාලිනී ගිනි තබා නොගත්තේ නම් සිදුව ඇත්තේ කුමක්ද?

ඒ කරුණු පිළිබද පොලිසිය සිදු කළ විමර්ශනය කුමක්ද? විමර්ශනයක් නොකළේ නම් එසේ කිරීමට හේතුව කුමක්ද? අප ඒ ප‍්‍රශ්නය මෙහිදී මතු කරන්නේ ඉෂාලිනී සිද්ධිය පිළිබද විiාත්මක සහ පරිවේෂණීය සාක්‍ෂි සොයන පොලිසිය එවන් විමර්ශනයක් සිදු කළ බවක් මෙතෙක් දැන ගැනීමට නැති නිසාය.

සියල්ල සියල්ලන්ටම රහසක් වී ඇත. එකී රහස්‍යභාවයට හේතුව දන්නේ ද පොලිසියම ය. ඇතැම්විට මේ රහස් රටට හෙළිවුවහොත් රිෂාඞ් බදියුදීන්ට ලජ්ජා සිතෙනු ඇතැයි පොලිසිය කල්පනා කරනවාද විය හැකිය. හැබැයි සිදු වන සියල්ල ඉදිරියේ ප‍්‍රසිද්ධියේම ෙඡ්දනය වෙමින් තිබෙන්නේ පොලිසියේ ලජ්ජා නහරය.

බදියුදීන්ගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් භූමිතෙල් බෝතලය සහ ලයිටරය පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් මතු නොවීම ද පුදුම සහගතය. ඇතැම් විට එකී භූමිතෙල් සාම්පල වැඩිදුරටත් පරීක්‍ෂා කිරීම සදහා පොලිසිය විසින් සවුදි අරාබියට හෝ වෙනත් මැදපෙරදිග රටකට යැව්වාද විය හැකිය.

ඉෂාලිනීගේ කාමරයේ අභිරහස් වැකිය මොකක්ද? සී.සී.ටී.වී. දෙකක් අකී‍්‍රය වුනේ කොහොමද...? රිෂාඞ්ගේ වධකාගාරයේ කතාව තව දුරටත්....

පොලිසිය කියන පරිදි පුළුල්ව පරීක්‍ෂණ සිදු කර විiාත්මක සහ පරිවේෂණීය සාක්‍ෂි හෙළි කර ගන්නට නම් එකී භූමිතෙල් ලබාගත් තෙල් ළිඳ පිළිබඳව ද විමර්ශනයක් සිදු කිරීමට සිදුව තිබෙනවා විය හැකිය.

ඉෂාලිනීගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අනුව ඉකුත් සතියේ අනාවරණය වූ තවත් වැදගත් කාරණයක් වූයේ ඇය ර`දවා සිටි කුටියේ බිත්තියක ලියා තිබුණු බවට පොලිසිය කී සටහනය.

එය පොලිසියට හමු වන්නේද ඉෂාලිනී මිය ගොස් සති දෙකකට පසුවය. ඉෂාලිනී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනයේ සියුම් බව කියන්නට මේ සොයා ගැනීම අපූරු සාධකයක් නොවේද?

ඉෂාලිනීගේ මරණයෙන් පසුවත් පොලිසිය සිදු කරන විමර්ශනයේ ඇති දුර්වලතා පෙන්වා දෙන්නට මෙයද පැහැදිලි උදාහරණයක් නොවන්නේද?

දෙමළ දැරියක වූ ඉෂාලිනී ජූඞ් එම සටහන තබා තිබුණේ දෙමළ අර්ථයක් ලැබෙන සේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. පොලිසිය කී පරිදි එහි ස`දහන්ව තිබී ඇත්තේ ‘මගේ මරණයට හේතුව’ යන්නය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ඉෂාලිනීගේ සොහොයුරා පවසා තිබුණේ තමන්ගේ නැගණිය කිසිවිටකත් ඉංගී‍්‍රසි භාෂාවෙන් සටහන් තබන්නට නොදැන සිටි බවය. කෙසේ වෙතත් මේ වන විට අදාළ අත් අකුරු සටහනේ වැඩිදුර විමර්ශන කටයුතු රජයේ රස පරීක්‍ෂකවරයා වෙත භාර වී තිබෙන නිසා අප සියල්ල දෙස හො`දින් බලා සිටීම හැර වෙන යමක් නොකියන්නෙමු.

ඉෂාලිනීගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණය ද ඉකුත් සතියේදී සිදු කෙරිණි. එය සිදු කරනු ලැබුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නීතිපතිවරයාගේ අනුමැති ඇතිව පත්කළ විද්වත් කමිටුවක් මගිනි.

එම පරීක්‍ෂණය සිදු කළ විද්වත් කමිටුව මුලින්ම යළි ගොඩ ගනු ලැබූ ඉෂාලිනීගේ මළසිරුර සීටී ස්කෑන් පරීක්‍ෂණයකට ලක් කර පසුව සිරුරේ විවිධ කොටස් රසායනාගාර පරීක්‍ෂණ ස`දහා යොමු කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම පරීක්‍ෂණ වාර්තා ලැබෙන තුරු ඉෂාලිනීගේ සිරුර පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට තීරණය වූ බවද ඒ මහතා ස`දහන් කළේය.

අද දවසේ අහිංසක ඉෂාලිනී පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ ලාච්චුවකට වී සිටිනුයේ ඒ අනුවය. තවමත් අදාළ පරීක්‍ෂණ වාර්තා ලැබී නැත. එනිසා ඉෂාලිනීට ඩයගම වත්තේ සුසාන භූමියේ නිසලව සැතපෙන්නටද මෙතෙක් අවස්ථාව ලැබී නැත.

එසේම ඉෂාලිනීට සිදු වුණේ මොකක්ද? ඇයව දූෂණය කළ තිරිසන් දූෂකයා මොකාද? ඇගේ සිරුරට ගිනි ඇවිළුනේ කෙසේද? එය මිනීමැරුමක්ද? සියදිවි නසා ගැනීමක්ද? බදියුදීන්ගේ නිවසේ සිටි මෙහෙකාරියන් දූෂණය කළ මස්සිනා මොකාද?

එසේ කළේ දැනට පොලිස් අත්අඩංගුවෙ සිටින එකාද? නැති නම් මීට පෙර තරුණියක දූෂණය කර හිරේ ගිය එකාද? හිරේ ගිය බදියුදීන්ගේ මස්සිනා කියන එකා දැන් සිටින්නේ කොහේද? යන ප‍්‍රශ්නවලට ද තවම පිළිතුරක් නැත.

කෙසේ වෙතත් ඉෂාලිනීව කෲරත්වයට පත් කිරීම පිළිබඳව රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ ෂ්‍යාබ්දීන් අයේෂා සහ ඇගේ පියා වගකිව යුතු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉකුත් සිකුරාදා සඳහන් කළේය.

එසේම ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පොලිසිය කරුණු තුනක් ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බවය.

ඉෂාලිනීගේ මරණයත් සමඟ දේශපාලන සහ සමාජමය වශයෙන් මතු වූ රැල්ලද දැන් පෙනෙන්නටවත් නැත. රැල්ල වැල්ලේ වැදී ඇති සේය. හැබැයි මොන රැලි නැති වුවත් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි ඉෂාලිනී ජූඞ් දැරිය නින්දිත ලෙසින් වැනසා දැමූ බල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගන්නා තුරු අප සිටින්නේ අවදියෙන් බව ස`දහන් කළ යුතුය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment