ඉස්සන් ඇල්ලූ අයියා මලෝ මරා ගනිති

355

කොග්ගල කතලූ‍ව පාලම අසල මෝයකටේ ඉස්සන් ඇල්ලිම සම්බන්ධයෙන් අයියා මලෝ දෙදෙනා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියා ගංමෝයේ දියේ ගිල්වා ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මධ්‍යම රාත‍්‍රි 12.30ට පමණ අයියා විසින් මෝයකටේ ඉස්සන් අල්ලමින් සිට ඇත. එම ස්ථානයට මල්ලි ද බිමත්ව පැමිණ තිබේ. පසුව දෙදෙනා අතර ඉස්සන් ඇල්ලිම සම්බන්දයෙන් ගැටුමක් ඇතිවි තිබේ.

දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක්ද වි ඇති අතර එහිදි අයියා මෝයකටට වැටි ඇති අතර ඔහු දියේ ගිල්වා ඝාතනය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

මෙම අයියා මලෝ දෙදෙනා අතර කාලයක සිට ඉස්සන් ඇල්ලිම සම්බන්දයෙන් ආරවුලක් තිබි ඇති බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ කොග්ගල හබරාදුව ලිපිනයේ පදිංචි ගල්බොක්කහේවගේ ඥාණදාස නැමති (69) තිදරුපියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment