ඉසිපතනය සහ ශාන්ත තෝමස් අවසන් පූර්ව වටයට – ‘ජනාධිපති අභියෝග කුසලාන’ රග්බි තරගාවලිය

143

පාසල් 08 ක සහභාගිත්වයෙන් දැන් ක්‍රියාත්මක ‘ජනාධිපති අභියෝග කුසලාන’ පාසල් වයස අවුරුදු 20 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයට වරම් දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ඉකුත් සෙනසුරාදා (27දා) සමත් විය.

මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 35 – 19 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් ශාන්ත තෝමස් විදුහල ද මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 19 – 06 ක් ලෙස ජයග්‍රහණය සටහන් කර ගනිමින් ප්‍රබල ඉසිපතන විදුහල ද අවසන් පූර්ව වටයට වරම් ලබා ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලබන සති අන්තයේ දී ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ඉසිපතන විදුහල අවසන් පූර්ව තරගයේදී හමුවෙනු ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

 

advertistmentadvertistment
advertistmentadvertistment