ඉසිපතන සහ ශාන්ත ජෝශප් ගැටුමත් අද

103

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක සවියෙන් බල ගැන්වෙන ”ජනාධිපති අභියෝග කුසලාන” අන්තර් පාසල් ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය ඉරිදා (11) පස්වරු 4.00 ට කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරඟ පිටියේදී ආරම්භ කෙරේ.

මෙවර ලීග් ශූරතාව තහවුරු කර ගන්නා ලද කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව කොළඹ ශාන්ත ජෝශප් විදුහල මෙදින පිළිමළුන් පිටු දැකීමේ ශූරතා කුසලාන දිනා ගැනීම උදෙසා පිටියට අවතීර්ණ වෙති.

සමබර දක්ෂතා වලින් සපිරි දෙපිලක් අතරේ ක්‍රියාත්මක කෙරෙන මෙවර අවසන් තරගය ආරම්භයේ සිට අවසානය දක්වා අතිශය තියුණු මුහුණුවරක් උසුලනු ඇතැයි අනුමාන කෙරේ.

පාසල් 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ ශූරතාව අගනුවර පාසලකට හිමි වීම ඒ අනුව ඉරිදා (11) තීරණය කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment