ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

281

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක ඉසුරු උදාන ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. පසුගියදා (31 වැනිදා) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඉසුරු උදාන මේ පිළිබඳ ප‍්‍රකාශ කර තිබේ.

2009 වසරේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව කී‍්‍රඩා කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වරම් හිමිකර ගත් උදාන 2012 වසරේදී සිය ජාත්‍යන්තර එක්දින තරග වරම් හිමිකර ගත්තේය. එ් අනුව

සමුගන්නා විට ජාත්‍යතර විස්සයි විස්ස තරග 35කට කී‍්‍රඩා කළ ඉසුරු උදාන එහිදී කඩුලූ 27ක් සහ මුලූ ලකුණු 256ක් රැුස් කිරීමට සමත්වී තිබේ. ජාත්‍යන්තර එක්දින තරග 21කට කී‍්‍රඩා කර ඇති උදාන එහිදී කඩුලූ 18ක් සහ මුලූ ලකුණු 237ක් රැුස්කර තිබේ.

මේ වන විට 33 වැනි වියේ පසුවන ඉසුරු උදාන ඉන්දියාවට එරෙහිව නිමා වූ විස්සයි විස්ස තරගාවලියේදී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේය. ‘මගේ රට නියෝජනය කරමින් මම සේවය කළේ ඉමහත් ආඩම්බරයකින්, ආශාවකින් සහ කැපවීමකින්. ඊළඟ පරම්පරාවේ කී‍්‍රඩකයන් සඳහා මාවත සකස් කර දීමට දැන් කාලය එළැඹ ඇති බවට මම විශ්වාස කරනවා’ යැයි උදාන සිය සමුගැනීමේ ලිපියෙන් දන්වා තිබිණි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment