ඉහළම තාක්‍ෂණයකින් යුත් හැදුනුම්පතක් ලබාදෙනවා – ඇමැති නාමල් රාජපක්‍ෂ

569

ලෝකයේ තිබෙන ඉහළම තාක්‍ෂණය සහිත නව ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ මුල් කාර්තුවේදී ජනතාවට ලබාදෙන බව ඩිජිටල් තාක්‍ෂණ සහ ව්‍යවසාය සංවර්ධන ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (25 දා) ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවැසීය.

ලංකා කිව්ආර් (LankaQR) කේතය මුළු රටටම හඳුන්වා දීම සඳහා ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පැවැති ජනගත කිරීමේ උළෙල අමතමින් ඔහු මේ බව කීවේය. සියලූම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී කතා කළ රාජ්‍ය ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

අද ලෝකයේ සෑම රටක්ම පාහේ නවීකරණය වෙනවා. එසේම ගනුදෙනු කිරීම සඳහා නව ක‍්‍රමවේදයන් අනුගමනය කරනවා. අපත් ලෝකයත් සමඟ ඒ ගනුදෙනු කිරීම සඳහා නවීකරණය විය යුතු කාලය එළඹිලා තියෙනවා. බොහෝවිට අප ඉතිහාසයේ අපේ සාම්ප‍්‍රදායික ගනුදෙනු රටාවන් පිළිබඳ අපි දැඩි ඇල්මක් දක්වනවා. අපි වෙනස් වෙන්න බයයි. ලෝකයේ බොහෝ රටවල් බොහෝ ඉදිරියෙන් ඉන්නේ. අප තවම ඩිජිටල්කරණ වෙනස ගැන කතා කළත් ඊට යොමු වෙන්න දෙපාරක් කල්පනා කරනවා. අප දැනටමත් නවීන ගනුදෙනු ක‍්‍රමවේදයන්ට යන්න කිසියම් ප‍්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා කමිටුවක් පත්කරල තියෙනවා. මේ නව තාක්‍ෂණයන්ට ජනතාව හුරුවෙන්න ඕන.

ලබන වසර මුල කාර්තුව වන විට අපි ජාතික හැ`දුනුම්පත ඩිජිටල්කරණයට යනවා. ඒ අනුව ලෝකයේ තිබෙන ඉහළ තාක්‍ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් අපේ රටේ ජනතාවට ලබන වසරේදී ලැබෙනවා. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා එක් අංකයක් ලැබෙනවා වගේම එක ඇඟිලි තුඩුවකින් අපේ අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් හැඳුනුම්පතක් ලැබෙනවා.

මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහ බැංකු නියෝජ්‍ය අධිපති ඉවට් ප‍්‍රනාන්දු සහ මහ බැංකුවේ

ගෙවීම් සහ පියවීම් අධ්‍යක්‍ෂ ධර්ම ශ‍්‍රී කුමාරතුංග මහතාද කතා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


 

advertistmentadvertistment
advertistmentadvertistment