ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඇරේ

305


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද පෙරවරුවේ සිට ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
අධික වර්ෂාවත් සමග ජලාශයේ වාන් දොරටු විවෘත්ත වීමෙන් කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමණාකරණ ඒකකයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය ඉල්ලීමක් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment