ඉහළ පොලිස් නිලධාරීන්ගේ රැකවරණය නිසා  පස් ජාවාරම්කරු සති දෙකක් ගතවෙලත් අධිකරණයට ඉදිරිපත් කර නෑ

154

කාලයක සිට තඹුත්තේගම තෙල්හිරියාව රක්ෂිතය තුළ මහාපරිමාන අයුරින් පස් කපමින් පරිසරයට විශාල හානියක් සිදු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රාජාංගණය, කලුන්දෑගම පදිංචි පස් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් දා පටන්ම සති දෙකක් තිස්සේ පොලිස් ඇප ලබාදෙමින් අධිකරණයට ඉදිරිපත් කිරීම මගහැර සිටීමට තඹුත්තේගම මූලස්ථාන පොලිසිය උත්සහ දරමින් සිටින බවත් මෙම පස් ජාවාරම්කරු ඉහළ පොලිස් නිලධාරීන් සමග පවත්වන කිට්ටු සම්බන්ධතාවයක් නිසාවෙන් තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් මෙලෙස මෙම පුද්ගලයාට අධිකරණ කටයුතු කිරීමට ඈලි මෑලි ගති පාන බවත් නල්ලච්චිය 404 ඩී 1 ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් පවසති.

මෙම ගොවීන් පිරිස මේ බව පවසා සිටියේ ඉකුත 21 දා අදාළ පස් ජාවාරම්කරු අදාළ රක්ෂිතයේ පස් හාරමින් සිදු කර ඇති මහාපරිමාන පරිසර හානිය පෙන්වා දෙමිනි.

මෙහිදී මෙම ජාවාරම්කරු සිදුකර ඇති පරිසර හානිය සම්බන්ධයෙන් එම ගොවි සංවිධානයේ ගොවීන් විවිධ මත පළකර සිටි අතර එම ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්. ඩී. විජේරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

මෙම පස් ජාවාරම්කාරයන් කාලයක සිට රක්ෂිතය තුළ ගජරාමෙට පස් කැපීම කරගෙන යනවා. අපි හිතන්නෙ බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත්ව හිටියත් මොහු ඒ අයත් එක්ක පවත්වන කිට්ටු සම්බන්ධතා නිසා කාලයක් තිස්සේ මේ ඉහළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වගේ වගක් නැතිවයි හිටියේ. කොහොම හරි මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගේ තිබූ දැඩි විරෝධය නිසාත් දැඩි ඉල්ලීම් නිසාත් පසුගිය 7 දා තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සහ මහවැලි එච් කලාපයේ නිලධාරීන් විසින් එක්ව සිදු කළ වැටලීමකදී එම ස්ථානයේ පස් හෑරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් සහ වැටලීම් කරන අවස්ථාවේදී පැන ගිය එක් ජාවාරම්කරුවෙකුත් පසුගිය 10 වෙනිදා තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් අදාළ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්ත දා පටන් මේ වනතුරුත් අධිකරණයට ඉදිරිපත් නොකර සති දෙකක් තිස්සේ පොලිස් ඇප ලබාදී තිබෙනවා. මෙපමණ පරිසර හානියක් කරපු අයෙක් මේ විදිහට පොලිස් ඇප දී අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මහාපරිමාන පරිසර හානිය යට ගැසීමේ වුවමනාවක් නිසා කියලයි අපට සැක මතුවෙලා තියෙන්නේ.

මෙලෙස නීතිවිරෝධීව රක්ෂිතයක පස් කැපීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රය සහ අදාළ සැකකරු සම්බන්ධයෙන් සති දෙකක් ගතවෙලත් අධිකරණයට කරුණු වාර්තා නොකරන්නේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑමක් නිසාද යනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ජේ. අතුකෝරළ මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.

අදාළ පුද්ගලයා මම ළඟට ඇවිල්ලා ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවට ලියුම් ගොඩක් පෙන්නුවා. ඒ වගේම මම මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ගෙන් උපදෙස් පතල තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දෙන උපදෙස් අනුව මම ක්‍රියාත්මක වෙනවා.

තොගයක් මුදල් ඇතුළු දේපල රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

දිගු කලක් තිස්සේම හෙරොයින් ජාවාරම මෙන්ම සොරකම් සිදුකොට ඇති සැකකරු ප්‍රදේශයේ ආරක්ෂාවට විශාල තර්ජනයක් පැවති බවත් ප්‍රදේශයේ පාසල් දරුවන්ට මත් කුඩු අලෙවි කිරීමත් අහිංසක දරුවන් ඒවාට හුරුකරවීමත් සිදුකිරීම නිසා ප්‍රදේශයේ අහිංසක මාපියන්ට මෙන්ම පොලීසියට මොහු හිසරදයක්ව පැවති බව පොලීසිය පවසයි.

වේයන්ගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක හසාන් වීරසිංහ, පොලිස් කොස්තාපල් 11216 වීරසූරිය (70095) රූපරත්න (2052) දුමින්ද (79883) කුමාර කාන්තා පොලිස් කොස්තාපල් (8202) චන්දිමා යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුණි.

මකුලෑව – එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment