ඊටීඑෆ් හරහා අලුත් රක්ෂණ ආවරණයක්

172

සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) හරහා රක්‍ෂණ ආවරණයක් එහි සාමාජිකයන්ට ලබාදීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

දැනට (ඊටීඑෆ්) අරමුදල සඳහා සේවා යෝජකයා විසින් පමණක් සේවකයකු වෙනුවෙන් මූලික වැටුපෙන් සියයට තුනක (3%) මුදලක් අරමුදලට බැරකරන අතර එම ප්‍රමාණය තවත් සියයට එකක් හෝ එකයි දශම පහක් අයකරගෙන මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල සකස් කිරීමට අදහස් කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති මහතා ‘ඉරිදා දිවයින’ට පැවසීය. මෙම අරමුදලට සේවකයන්ගෙන් අයකර නොගනී.

පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් පවතින මෙම අරමුදල මගින් රක්‍ෂණාවරණයක් ඇති කිරීමට සේවා යෝජකයන්ද වැඩි පිරිසක් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් කී චන්ද්‍ර කීර්ති මහතා රක්‍ෂණ ක්‍රමය මගින් ඖෂධ ලබා ගැනීම ඇතුළු සේවාවන් කිහිපයකට රක්‍ෂණාවරණය ලබාදීමට අදහස්කර තිබෙන බවත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment