ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි ධුරයට පත්වෙති

180

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි ධුරයට මිරිසවැටිය රජමහා විහාරාධිකාරි රජරට විශ්විද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති පණ්ඩිත ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණෝ ඊයේ (22 දා) පත්වූහ.

උන්වහන්සේ අභිනව පදවියට පත් කරන ලැබුවේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අටමස්ථාන කාරක සභාවේ තීරණය පරිදිය.

අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මීට පෙර රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිකාරි පදවිය හෙබවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment