ඊපීඑෆ් – ඊටීඑෆ් කෝටි හැටදහසක් කොල්ල කන්න හදනවා – වසන්ත සමරසිංහ

252

රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල්වල රුපියල් කෝටි හැටදහසකට වැඩි මුදලක් කොල්ල කෑමට සැරසෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (18 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය.

රජය දේශීයව ගෙන ඇති ණයවලින් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් කපා හැරීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව ඉහත මුදල් කොල්ලය සිදුවන බවත් හෙතෙම කීවේය.

ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් වන විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව මෙය සිදුවන බවත් සමරසිංහ පැවසීය.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් වටිනාකම් අඩුව ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් අරමුදල්වලින් රජය ගෙන ඇති ණය කපා හැරීම නිසා සේවකයන්ට විශ්‍රාම යෑමේදී තමන්ගේ හිමිකම ලබා ගැනීමට නොහැකි වීම දක්වා ද මෙම තත්ත්වය වර්ධනය විය හැකි බවත් හෙතෙම කීවේය.

දේශීය බැංකු රජයට විවිධාකාරයෙන් ලබා දී ඇති ණයවලටත් රක්ෂණ අරමුදල් රජයට ලබා දී ඇති ණයවලටත් මෙම බලපෑම ඇතිවූ විට බැංකු පද්ධතිය සහ රක්ෂණ සමාගම් ද බිඳ වැටීම අනිවාර්ය වනු ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා කීවේය.

ආණ්ඩුවේ මෙම තීරණයට එරෙහිව සමස්ත පෞද්ගලික අංශයම පෙළගස්වන බවත් කිසිසේත් අරමුදල් කොල්ලකෑමට ඉඩ නොදෙන බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment