ඊයේත් ආසාදිතයන් දහස පනී

110

නැවත වරක් මෙරටින් දිනපතා වාර්තා වන කොරෝනා නව ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ඊයේ දිනයේදීත් (31දා) වාර්තාවූ කොරෝනා නව ආසාදිතයන් ගණන 1082ක් විය. මෙම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 608,622 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31දා) කොරෝනා මරණ

21 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (30දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,441ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 381ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 578,432ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment