ඊයේත් කොරෝනා මරණ 18ක්

74

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20දා) කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (19දා) සිදු වූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයින් 537ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 533,306 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 360ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 493,674 ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment