ඊයේ කොටස් මිල 24%කින් අඩු වෙයි

129

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 පසුගිය දිනවල විශාල ලෙස ඉහළ ගිය එල්. ඕ. එල්. සී. ඩිවලොප්මන්ට් ෆයිනෑනස් සමාගමේ කොටස් මිල ඊයේ (01දා* දිනයේ සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
 
 මේ අනුව මෙම සමාගමේ කොටසක මිල ඊයේ දිනයේ රු.694.75 ට ගනුදෙනු වීම ආරම්භ වී පසුව ගනුදෙනු අවසන් වන විට රු.524.50 දක්වා සියයට 24 කින් පමණ සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
 
 මේ අනුව එල්. ඕ. එල්. සී. ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කොටසක මිල ඊයේ දිනයේ රු.170.25 කින් පමණ පහත වැටුණි. මේ හේතුවෙන් ඊයේ දිනයේ කොටස් වෙළෙදපොළ ක‍්‍රියාකාරකම් වෙත ද අහිතකර බලපෑමක් ඇති කළ බව කොටස් වෙළෙදපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 
 සියලූ කොටස් මිල දර්ශකය සහ එස් ඇන්ඞ් පී එස්එල් 20 දර්ශකය යන දර්ශක දෙක ඊයේ දිනයේ පහත වැටීමට මේ කොටස් මිල පහළ යෑම ද බලපෑමක් කළ බව ද ඔව්හු කියති.
 
 පසුගිය දිනවල මෙම සමාගමේ කොටස් මිල විශාල ලෙස ඉහළ ගිය අතර මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසමේ අවධානය ද යොමු වූ අතර එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදෙන ලෙස කොටස් වෙළෙදපොළ වෙත ද දැනුම් දෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment