ඊයේ කොරෝනා මරණ 103ක් ආසාදිතයයෝ 1279ක්

130

කොරෝනා මරණ 103 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19 දා) වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ පෙරේදා (18 දා) සහතික කළ ඒවාය. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 1279 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 504,037 දක්වා ඉහළ ගියේය.

මේ අනුව දැනට දිනකට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි සහ හමුවන නව ආසාදිතයන්ගේ ප‍්‍රමාණයෙහි අඩුවීමක් දක්නට ලැබන බව වසංගත රෝග පාලන ඒකක සඳහන් කරයි.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල්හි ප‍්‍රතිකාර ලැබූවන් 1002 ක් ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 432,038කි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment