ඊයේ කොරෝනා මරණ 18ක්

60

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (24දා) කොරෝනා මරණ 18 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (23දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,611ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 555 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 535, 520 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 298 ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 503,388 ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment