ඊයේ කොරෝනා මරණ 31ක්

102

කොරෝනා නව ආසාදිතයන් 538ක් ඊයේ (22දා) හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 557,164 දක්වා ඉහළ ගියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (22දා) කොරෝනා මරණ 31ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (21දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,158 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 376ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 527,110ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment