ඊයේ කොරෝනා මරණ 36 ක්

123

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14දා) කොරෝනා මරණ 36 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (13දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,844ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 317ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 595,345ක් දක්වා වැඩි විය. පෙරේදා (13දා) වාර්තාවූ කොරෝනා නව ආසාදිතයන් ගණන 1,231ක් විය. මෙම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 629,347ක් දක්වා ඉහළ ගොස් ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment