ඊයේ කොරෝනා මරණ 40ක්: මෙරට කොරෝනා මරණ දහතුන් දහස පනී

93

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03දා) කොරෝනා මරණ 40ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (02දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,059 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 542ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 514,967 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි 652 ක් ඊයේ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 459,298 ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment