ඊයේ කොරෝනා මරණ 51ක් – 812ක් සුවය ලබති

111

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27දා) කොරෝනා මරණ 51ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (26 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,731 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 983ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 511,409 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල්වල ප‍්‍රතිකාර ලැබූ පුද්ගලයන් 812ක් ඊයේ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 455,344ක් දක්වා වැඩි විය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment