ඊයේ කොරෝනා මරණ 93ක්

153

දිනකට මෙරට වාර්තාවන මරණ සංඛ්‍යාවෙහි සහ හමුවන නව ආසාදිතයන්ගේ ප‍්‍රමාණයෙහි අඩුවීමක් මේවන විට දක්නට ලැබන බවත් ඒ අනුව මෙරට කොරෝනා වසංගතය යම් පාලනයකට ලක්ව ඇතැයි වසංගත රෝග පාලන ඒකක සඳහන් කරයි. ඊට හේතුවී ඇත්තේ මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයේ පසුවන වයස් කාණ්ඩය ලෙස සලකන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සහ විවිධ රෝග වලින් පෙළෙන පුද්ගලයන් එන්නත්කරණයට ලක්ව තිබීම යැයි ද වසංගත රෝග පාලන ඒකකය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20දා) වාර්තා කළේ කොරෝනා මරණ 93 කි. මෙම මරණ පෙරේදා (19 දා) සහතික කළ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,218 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 1509 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 505,982 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල්වල ප‍්‍රතිකාර ලැබූවන් 1055 ක් ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 433,093 කි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment