ඊයේ කොවිඞ් මරණ 186ක්

533

රටේ පැතිර යන කොවිඞ් වෛරස රෝගයේ ශීඝ‍්‍ර බව තහවුරු කරමින් මේ වන විට දිනපතා වාර්තාවන නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්දහස ඉක්මවා ඇත.

 ඊයේ (19 දා* දිනයේ ද නව ආසාදිතයන් 2720 ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පැවසීය.

 රෝගය ආසාදිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ඊයේ දිනයේ සුවය ලැබූ ගණන 2186 ක් විය. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 318,714 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 කොවිඞ් ආසාදිතව පෙරේදා මියගිය පුද්ගලයන් ගණන 186 ඊයේ දිනයේ තහවුරු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 ඒ අනුව මේ දක්වා කොවිඞ් ආසාදිතව මෙරට මියගිය රෝගීන් ගණන 6790 දක්වා ඉහළ ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment