ඊයේ තවත් කොවිඞ් මරණ 45 ක් නව ආසාදිතයෝ 1022 ක්

122

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ (4 දා) තවත් කොවිඞ් මරණ 45 ක් වාර්තා කළේය. මෙම මරණ ඉකුත් 3 වැනිදා සිදුවූ බවට තහවුරු කර ඇත.

මෙම මරණ 45 ත් සමග මෙරට සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 3,236 කි. ඊයේ සවස වාර්තාවූ නව ආසාදිතයන් ගණන 1022 ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. එම ආසාදිතයන් ගණනත් සමග මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 265,079 කි.මේ අතර ඊයේ දිනයේද පූර්ණ සුවය ලැබූ කොවිඞ් ආසාදිතයන් 1923 ක් රෝහල්වලින් පිටව ගොස් තිබුණි.

එම පිරිසත් සමග මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 233,317 කි.

advertistmentadvertistment
advertistmentadvertistment