ඊයේ තවත් ෆයිසර් තොගයක් දිවයිනට

84

ශ‍්‍රී ලංකා රජය විසින් ඇනවුම් කර ඇති ”‍ෆයිසර්”‍ එන්නත් මාත‍්‍රා 40 ලක්ෂයක ප‍්‍රමාණයෙන් පළමු එන්නත් තොගය ලෙස එන්නත් මාත‍්‍රා 304,000 ක ප‍්‍රමාණයක් 04 දින අලූ‍යම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන විත් තිබේ.

ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙම ”‍ෆයිසර්”‍ එන්නත් මාත‍්‍රා ලක්ෂ 40 ක ප‍්‍රමාණය ඇනවුම් කළ බවත් එම එන්නත් මෙසේ කොටස් වශයෙන් ශ‍්‍රී ලංකාව වෙත ගුවන් මගින් ලැබෙන බවත් ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය.

ඒ අනුව කිලෝ ග්?ම් 1817 ක් බරැති පෙට්ටි 53 ක් තුළ අසුරා ඇති මෙම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි. ඉන්පසුව එතැන් සිට මෙම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන ගුවන් යානයෙන් 04 දින අලූ‍යම 2.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි. ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩබෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කළ අතර ඉන්පසුව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැුගෙන යාමට පියවර ගෙන තිබේ.

ගුවන්තොටුපොළ ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment