ඊයේ ධාවනය වුණේ පෞද්ගලික බස් 750 යි : දහනව දහසක් තෙල් පෝලිම්වල

56

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (17 දා) දිවයින පුරා ධාවනය වූයේ පෞද්ගලික බස් රථ 750 ක් පමණ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

පෞද්ගලික බස් රථ දහනවදහසකට (19,000) අධික සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම්වල හා නිවෙස්වල තිබෙන බවත් හෙතෙම කීය. මෙම තත්ත්වය නිසා අද (18 දා) දිනයේ පෞද්ගලික බස් රථ සියයට 5 කට අඩු සංඛ්‍යාවක් ධාවනය වනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය. ඉන්ධන නිසියාකාරව අඛණ්ඩව ලැබුණහොත් පෞද්ගලික බස් රථ සියයට 50 ක් ධාවනය කළ හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

දින 4, 5 සමහර පෞද්ගලික බස් රථවලට ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමෙන් එම බස් රථ සේවකයන් හා හිමිකරුවන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment