ඊයේ පෞද්ගලික බස් දිව්වේ සියයට 30යි

81

විවිධ ප්‍රදේශවල විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් ඊයේ (21 දා) ඇති වූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා “දිවයින”ට පැවැසීය.

මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වීම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ඊයේ පෞද්ගලික මගී බස් රථ ධාවනය වූයේ සියයට 30ක ප්‍රමාණයක් බවද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන මිල වැඩි වුණත් ඉන්ධනහල් තුළ ඉන්ධන නොමැති කම නිසා බොහෝ පෞද්ගලික බස්රථ ධාවනය කිරීමේ ගැටලුවක් මතු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

තවදුරටත් කතාකළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය. විරෝධතා කරන අයගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා පාරවල් වහලා විරෝධතා දක්වන්න එපා කියලා. එහෙම කළාම අපේ පෞද්ගලික බස් රථවල ගමන් කරන සාමාන්‍ය මගී ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙනවා. පාරවල් වහගෙන විරෝධතා කිරීම නිසා ඊයේ අපේ බොහෝ පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට සේවයට එන්න බැරිවෙලා තියෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment